ශ්‍රී ලාංකික ප්‍රථම කාටුන් චිත්‍ර ශිල්පියා ඕබ්රි කොලට්

ශ්‍රී ලාංකික බර්ගර් (DUTCH BURGHER) ජාතිකයකු ලෙස 1920 දී කොළඹදී උපත ලද ඕබි්‍ර කොලට් අධ්‍යාපනය ලැබුවේ කොළඹ රාජකීය විද්‍යාලයෙනි. ටයිම්ස් ආයතනයෙන් නිකුත් වූ ටයිම්ස් ඔෆ් සිලෝන් (Times of Ceylon)පුවත් පතට 1945 ඔක්තෝබර් 12 වනදා ඕබි්‍ර කොලට් (Aubrea Collete) විසින් අඳින ලද දේශපාලන කාටුනයෙන් ශ්‍රී ලාංකිකයකු විසින් ප්‍රථම වරට අඳින ලද දේශපාලන කාටුන් කලාව ආරම්භ විය. ඕබි්‍ර කොලට් රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලබන අවධියේ සිටම කාටුන් කලාවට සහ හාස්‍යයටත් උපහාසයටත් උපන් හපන් කම් දැක්වූ අයෙකි.
පාසල් යන අවධියේ සිටම කාටුන් චිත්‍ර නිර්මාණයට දස්කම් පෙන්වූ ඕබි්‍ර කොලට් ගැන එවකට ටයිම්ස් පුවත්පත් සමාගමේ ලංකාදීප පුවත්පතට ඔහු ගැන හැදින්වීමක් ද කර ඇත්තේ ඔහුගේ සමකාලීනයකු වූ ධර්මසිරි ජයකොඩි මහතාය. ඒ 1948 වසරේදීය. “අට පහ එකතු කළ නොහැකි දර දඬු ළමයෙක් පන්තියේ ගුරුවරුන්ට මෙල්ල වන හැටි, මද්දහනේ නිදි කිරා වැටෙන වයෝවෘද්ධ ආචාර්යවරයෙකු පළාතක් පාළුකරමින් ඈනුමක් අරින හැටි විකට චිත්‍රයට නංවා අනිකුත් ළමුන් සිනා ගැන්වීමට අපේ යාළුවාට පාසල් කාලයේදීම පුළුවන් කමක් තිබුනේය. ධර්මසිරි ජයකොඩි මහතා මේ විස්තරය කරන අවධියේදී ඕබි්‍ර කොලට් “Times of ceylon” සමාගමේ “Times” ටයිම්ස් පත්‍රයේ කාටුන් චිත්‍ර ශිල්පියා වශයෙන් කටයුතු කරමින් සිට ඇති අතර, ඔහු රාජකීය විදුහලේ චිත්‍රකලා ගුරුවරයා ලෙස ද කටයුතු කරමින් සිට ඇත.
”Times of Ceylon” ඉංග්‍රීසි පුවත්පතට අඳින ලද කාටුන් “ලංකාදීප” පුවත්පතේ පල කෙරුනේ එහි අරුත සිංහලයට පරිවර්තනය කරමිනි. ඒ කටයුත්ත සිදු කර ඇත්තේ එහි සිටි ජී. ඇස්. ප්‍රනාන්දු සිත්තරා විසිනි. ඕබි්‍ර කොලට් ටයිම්ස් ආයතනයෙන් ඉවත්ව ලේක්හවුස් මන්දිරයෙන් නිකුත්වූ ”Observer” “ඔබ්සවර්” පත්‍රයට ගිය පසු ජී. ඇස්. ප්‍රනාන්දු ටයිම්ස් ආයතනයේ දේශපාලන කාටුන් ශිල්පියා බවට පත්විය. පළමුව ”Times of Ceylon” පුවත්පතේ හා සහ පසුව ලේක්හවුස් මන්දිරයෙන් නිකුත්වූ ”Observer”. පත්‍රයේද කාටුන් චිත්‍ර ශිල්පියා වශයෙන් සේවයට පැමිණ මාස කීපයකදී ”Observer” පුවත්පතේ අලෙවියද දහස් ගණනකින් වැඩිවී ඇති බව වාර්තා වෙයි. ඕබි්‍ර කොලට්ට ශෛලීන් දෙකකින් චිත්‍ර ඇඳීමේ දුර්ලභ වූ හැකියාවක් තිබී ඇත. ”Observer” පත්‍රයට සාමාන්‍ය ශෛලියෙන් කාටුන් නිර්මාණයකළ ඕබි්‍ර DAILY NEWS පුවත්පතට වෙනස්ම වූ ශෛලියකින් ‘ලංකා ලාෆ්ස් LANKA LAUGHS නම් කාටුන් චිත්‍රය ද නිර්මාණය කර ඇත.
ඕබි්‍ර කොලට් විසින් අඳින ලද කාටුන් සඳහා පුවත්පත් සමාගමේ පාලක පක්ෂය හෝ එහි සිටි කතුවරුන් කිසිම අවස්ථාවක බලපෑම් නොකිරීම සිය වාසනාවක් බව වරක් ඔහු පවසා ඇත. එසේම “කාටුන් ශිල්පියා කිනිස්ස වෙනුවට මිටිය පාවිච්චි නොකල යුතුයි. කෙනෙක් තලනු වෙනුවට ඔහු කළ යුත්තේ අදහස කෙනකුට විනිවිද යැවීමයි”. යනුවෙන් ඔහු වරෙක කියා ඇත. තවද, ඔහු ආධුනික කාටූන් ශිල්පීන්ට මෙසේ ද පවසා තිබේ.“මහ ජනතාව හෝ පත්‍රයේ කතෘ සතුරු කිරීමට කාටූන් චිත්‍ර නොඅඳින්න. තමන්ගේ සිතෙහි ප්‍රකාශ කළ යුතු අදහසක් නැත්නම් කාටූනයක් ඇඳීමට උත්සාහ නොකරන්න.”
ආධුනික කාටූන් ශිල්පියකු තවත් කාටූන් ශිල්පියකු අනුගමනය කිරීම ඔහුට දක්වන උසස්ම ගෞරවය යයි සමහරු කියන නමුත් ඕබි්‍ර කොලට් ඒ මතය පිළි නොගනී. “ඔබට කියන්න දෙයක් නැත්නම් පින්සිද්ද වෙයි විකට චිත්‍ර අඳින්න එපා.” යනුවෙන් ඕබි්‍ර ආධුනික ශිල්පීන්ට අවවාද දී ඇත. කාටූන් චිත්‍ර අඳින්නට දක්ෂයකු වීමෙන් සෑහිමකට පත් විය යුතු නැතැයි කියන කොලට් එදිනෙදා ජීවිතය ගැන ඔහුට යම් හැඟීමක් අවබෝධයක් තිබිය යුතු බව ද අවධාරණය කර තිබේ. “මගේ දේශපාලන කාටූන් වල අරමුණ වන්නේ වෙනත් අයගෙන් උපදෙස් ගෙන ද්වේෂ සහගත ලෙස දේශපාලන චරිත ඝාතනය කිරීම නොවේ. මම වෙනත් අයගේ අදහස් ගැන නොතකමි. මගේ කාටූන් දැක කිසිවකු හෝ සතුටු වුවත් කෝප වුවත් සිනාසුණත් බැණ වැදුනත් මට වෙනසක් නැත. මගේ හැඟීම් මට නොවලහා නිර්භයව ප්‍රකාශ කළ හැකිය. කිසිවකු සතුටු කිරීම දේශපාලන කාටූන් අඳින්නාගේ කාර්යය නොවේ.” කොලට් එසේ පවසා ඇත.
1959 දී ලංකාවෙන් සමුගෙන ගිය ඕබි්‍ර ඉතා කෙටි කාලයක් එංගලන්තයේ වාසය කර ඇති නමුත් එහි දේශගුණය ඔහුට නොගැලපීම නිසා වර්ෂ 1960 දී ඕස්ටේ්‍රලියාවේ පදිංචියට ගොස් ඇත. ඕස්ටේ්‍රලියාවේ සිඩ්නි නුවර අලුතින් ආරම්භ කර තිබුණු ‘දි ඕස්ටේ්‍රලියන්‘ (THE AUSTRALIAN) ජාතික පුවත්පතේ දේශපාලන කාටුන් ශිල්පියා ලෙස සේවයට එක් විය. මෙහිදී අකරතැබ්බයකට මුහුණ දීමට ඔහුට සිදු විය. එනම් ඔහුගේ දේශපාලන කාටුන් චිත්‍ර ‘දේශපාලන වශයෙන් වමට බර‘ කාටුන් බවට ‘දි ඕස්ටේ්‍රලියන්‘පුවත්පතේ පාලක මණ්ඩලය නිගමනය කිරීමේ හේතුව නිසා ‘දි ඕස්ටේ්‍රලියන්‘ පුවත්පතෙන් සමුගත් ඕබි්‍ර ඉන්පසුව ‘මෙල්බර්න් නගරයේ තිබූ ‘මෙල්බර්න් හෙරල්ඩ්‘ ( MELBOURNE HERALD) පුවත්පතට සම්බන්ධ විය. ඉන් ස්වල්ප කාලයක් ගත වන විට ඕස්ටේ්‍රලියාවේ ජනතාව අතර දක්ෂතම කාටුන් චිත්‍ර ශිල්පියා බවට ජනාදරයට පත්වීමේ වාසනාව ඔහුට උදා විය.
ඇමරිකාව, ඕස්ටේ්‍රලියාව ඇතුළු ලොව නොයෙකුත් රටවල පුවත්පත්වල ඕබි්‍ර කොලට්ගේ කාටුන් චිත්‍ර පළවුවත් ඔහුගේ ජීවිතයේ සහ ඔහුගේ නිර්මාණවල ස්වර්ණමය යුගය ලෙස සැලකිය හැකිවන්නේ ඔහු ලංකාවේ ගතකළ කාලයයි. කොලට්ගෙන් මෙරට කාටුන් චිත්‍ර කලාවට විශාල මෙහෙවරක් ඉටු විය. ඔහුගේ කාටුන් චිත්‍ර හේතුකොට ගෙන කාටුන් චිත්‍ර කලාවේ පුනර්ජීවනයක් ඇතිවූ බව ද සඳහන් වෙයි. එය හේතුකොට ගෙන දේශපාලන කාටුන් චිත්‍ර කලාවට පිවිසුන අය අද ද අප අතර සිටින බව රහසක් නොවේ.
ඕබි්‍ර කොලට් දුටු අයෙක් එක්වරම සිතන්නේ ඔහු එංගලන්තයේ සුදු ජාතිකයෙකු ලෙසින් වුවත් සැබවින්ම ඔහු ලංකාවේ බර්ගර් :ෘඹඔක්‍්‍ය ඊඹඍඨෑඍ* ජාතිකයෙකු බව කිසිවෙකුත් නොසිතූ අතර, ඔහුගේ දේහ ලක්ෂණයන්ගෙන් සහ පෙනුමෙන් ඔහු වඩාත් සමීප වී ඇත්තේ එංගලන්තයේ සුදු ජාතියකුගේ පෙනුමටය. කොලට් සැම විටම සිතින් ආසියාතිකයෙක් විය. ඔහු පසු කළෙක ආසියාවේ පුවත් පත් සහ සගරා ආදියට කාටුන් චිත්‍ර සැපයීමට පෙළඹුනේද මේ හේතුව නිසා විය හැකිය. ලාංකික ගති පැවතුම් ඔහු හැමවිටම අගය කළ අයෙකු වූ බව සදහන් වෙයි. ඕබි්‍ර කොලට් නොයෙක් අවස්ථාවන්වලදී දේශපානඥයන්ගේ දුර්වලතාවයන් උපහාසයට ලක් කල නමුත් අපහාසයන්ට ලක් නොකලේය. මෙසේ උපහාසයන්ට ලක්වූ දේශපානඥයන් ඕබි්‍ර පිළිබඳව ඇතිකරගන ඇත්තේ ප්‍රසාදයකි. සිය දේශපාලන කාටුන් චිත්‍ර මගින් කිසිම කෙනෙකු අපහාසයට හෝ උපහාසයට ලක් කිරීම ඕබි්‍රගේ අරමුණ නොවූ බව සඳහන් වීම විශේෂිත වූ කරුණකි. ඕබි්‍රගේ කාටුන් චිත්‍රවල තිබූ සුවිශේෂී වූ ලක්ෂණයක් වී ඇත්තේ එය අඳින චිත්‍ර ශිල්පියාටත්, කාටුනය රස විඳින පාඨකයාට මෙන්ම උපහාසයට ලක්වූ පුද්ගලයාටද ඒ නිර්මාණය තුළින් විනෝද රසාස්වාදයක් ලබාගැනීමට හැකිවීමය. ඇත්තෙන්ම මෙය ඉබේ සිදුවූවක් නොව ඔහු ආයාසයෙන් රැකගත් ප්‍රතිපත්තියක් වීම නිසාය.
පොදු ජනතාව අතර කොලට් අතිශයින් ජනප්‍රියතාවයට සහ පාඨක රසිකයන්ගේ ගෞරවයටද පාත්‍ර වී ඇත්තේ ජනතාව අගය කරන්නාවූ උතුම් ගුණාංග රැසක් තිබීම නිසාය. මෙයින් වඩාත්ම වැදගත් වී ඇත්තේ සාමාන්‍ය ජනතාවගේ ජීවිතය නියමාකාරයෙන් අවබෝධ කරගැනීමට ඔහු තුළ වූ නිසඟ හැකියාව නිසා විය හැකිය. පොදු ජනතාවට මුහුණ දෙන්නට සිදුවූ ගැටළු, ප්‍රශ්ණ ඔහු ඉදිරිපත් කර ඇත්තේ සිටිසන් පෙර්-ර්-රා (Citzen per-r-ra)මාර්ගයෙනි. ඉරුණු කලිසමක් සහ තැනින් තැන ඉරී එළලන ලද කමිසයකින් හා දිරාපත්වූ තොප්පියක් පැළඳ ගත් මේ ‘පුරවැසි පෙර්-ර්-රා’ චරිතය එකල පොදු ජනතාවගේ සංකේතයක් බවට පත්ව තිබී ඇත.
ලංකාවේ කීර්තිමත් නාමයක් හිමි කරගත් ඕබි්‍ර කොලට් කාටුන් චිත්‍ර ශිල්පියා සිංගප්පූරුවේ ‘නිව්නේෂන්’ NEW NATION සහ ස්ටේ්‍රට්ස් ටයිම්ස් නමැති පත්‍රවලට කාටුන් චිත්‍ර ඇඳ ඇත. හොංකොං නගරයෙන් නිකුත්වූ ‘ඒෂියා මැගසින් ASIA MAGAZINE සඟරාවටද ’සන් ටෑන්’ නම් කාටුන් චිත්‍රයක් නිර්මාණය කර තිබේ. ‘සන් ටෑන්’ කාටූනය සිංගප්පුරුවේ සහ මැලේසියාවේ ස්ටේ්‍රට්ස් ටයිම්ස් පත්‍ර වල දිනපතා පල වූ අතර එය ඉතා ජනප්‍රිය විය. ‘සන් ටෑන්’ චිත්‍රය මධ්‍යම පන්තියේ ආසියාතික පවුලක් වටා ගෙතුන විකට චිත්‍රයක් වී ඇති අතර, හැකියාව සහ උතුම් ගුණාංගයන්ගෙන් පොහොසත් වු ඕබි්‍ර කොලට් නිහතමානී නිරහංකාර පුද්ගලයෙක් බව ද සඳහන් වේ.
සිංගප්පූරුවේ ‘ස්ටේ්‍රට්ස් ටයිම්ස්’ කතු මඬල්ල වෙත දිවෙන කොරිඩෝවෙහි එක් පසෙක බිත්තියේ එල්ලා ඇති කාටූන් චිත්‍ර සමුහයක් වෙයි. එරට ප්‍රභූන් සහ ක්‍රීඩකයන් කිහිප දෙනෙකු දැක්වෙන දිය සායමෙන් ඔප ගැන්වුනු මේ චිත්‍ර කොලට් එම පත්‍රයෙහි සේවය කරන අවධියේදී නිර්මාණය කරන ලද ඒවාය. කතු මඩුල්ලේත්, එහි එන අමුත්තන්ගේත් සදා ආදරයට පාත්‍ර වී ඇති මේ සිතුවම් සමූහය ඕබි්‍ර කොලට්ගේ නිර්මාණාත්මක හැකියාවන් පිළිබඳව සිහිවටනයකි.
ඕබි්‍ර කොලට් මෙයට වසර විසි නවයකට පෙර 1992 වසරේ ජනවාරි 08 වෙනිදා ඕස්ටේ්‍රලියාවේදී මිය ගිය අතර ඒ වනවිට ඔහුගේ වයස අවුරුදු 72 ක් විය. ශ්‍රී ලාංකිකයෙකු ලෙස ඉපිද ශ්‍රී ලංකාවේ ප්‍රථම කාටුන් චිත්‍ර ශිල්පියා බවට පත්ව ඕස්ටේ්‍රලියාවේදී මිය ගිය ඕබි්‍ර කොලට් කාටුන් ශිල්පියාගේ නාමය සදා අමරණීය වනු ඇත.
-එල්බියස්
(විස්තර සඳහා පර්සි මායාදුන්න සහ ඒ. ඩී රන්ජිත් කුමාර මහත්වරුන්ගේ ලිපි පරිශීලනය කරන ලදී)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: