1952 දී ‘හොර හවුල’ චිත්‍රකතාව ‘ලංකාදීපයට’ ගෙනා ගායකයා සුසිල් ප්‍රේමරත්න

1952 දී ‘හොර හවුල’ චිත්‍රකතාව ‘ලංකාදීපයට’ ගෙනා ගායකයා සුසිල් ප්‍රේමරත්නයන්…

අපේ ප්‍රවීණ සිත්තරකු වූ සාර්ලිස් මාස්ටර්ට දාව 1925 අප්‍රෙල් මාසේ 05 වනදා කොළඹදී උපන් සුසිල් ප්‍රේමරත්නයන් හැදී වැඩුනේ සිය පුංචි අම්මා සමගයි. පුංචි අවධියේදීම සිය මව අහිමි වූ සුසිල් ප්‍රේමරත්නයන් ගේ සිත සිත්තර කලාවටත් සංගීතයටත් යොමු වුණේ තම පියාණන් අදින සිතුවම් දැකීමෙන් සහ කවිත්වයට සිය පියා දැක්වූ දස්කම් නිසාවෙනි.

මුලින්ම දෙමටගොඩ ශාන්ත මැතිව්ස් විද්‍යාලයෛන් සහ ඉන් පසුව ශාන්ත ජෝන් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලද අතර, ඉන් අනතුරුව සාර්ලිස් මාස්ටර් ගේ සොයුරකු ගේ මහනුවර නිවසේ සිට මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් සිප්සතර හැදෑරූ සුසිල් ප්‍රේමරත්නයන් චිත්‍රශිල්පියකු ලෙස 1952 දී ටයිම්ස් ආයතනයට එක්විය. ඒ ජී. ඇස් ප්‍රනාන්දු ගුරුතුමා සමග ඩී. බී. ධනපාල මහතා හමුවීමෙන් අනතුරුවය. ‘ශ්‍රී ලංකාදීප’ පුවත්පතට ජී. ඇස්. ප්‍රනාන්දු මහතා විසින් අදින ලද ‘නීලා’ චිත්‍රකතාව දැකීමෙන් පසුව චිත්‍රකතා ඇඳීම කෙරෙහි ඔහුගේ සිත යොමු වී ඇත. ඒ අනුව ඩී. බී. ධනපාල ශූරීන් විසින් සුසිල්ට 1952 දී ලංකාදීප පුවත්පතට චිත්‍රකතාවක් ඇදීමට ඉඩ සලසා දී ඇත. ඒ අනුව ‘හොර හවුල’ නමින් කොටස් 12 කින් යුත් සිය පළමු චිත්‍රකතාව නිර්මාණය කර දීමෙන් පසු ‘තනිකඩයා’ නමින්ද චිත්‍රකතාවක් ලංකාදීපයට ඇඳීමට ඔහුට අවස්ථාව උදා විය. 1954-55 කාලයේදී ඇස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා (දිවංගත අගමැති) විසින් ලියන ලද ’මාහේනේ රීරියකා’ නම් කතාවද සුසිල් ප්‍රේමරත්නයන් අතින් චිත්‍රකතාවක් ලෙස නිර්මාණය වී තිබේ.

ටයිම්ස් ආයතයේම ‘වනිතාවිත්ති’ පුවත්පතට ඇදි ‘බිලිපූජාව’, ‘ලන්දේසි හටන‘, ‘රන් දූපත’ නම් චිත්‍රකතා නිසා සුසිල් ප්‍රේමරත්නයින් ළමා පරපුර අතරත් වැඩිහිටි පරපුර අතරත් නොමද ආදරයක් දිනාගන්නට සමත්විය. මේ ජනප්‍රියත්වය නිසා ඔහුට ‘රිදී කුමාරි’, ‘හැංගි මුත්තං’, ‘පහන් තරුව’, ‘සන්නාසි බිල්ලෝ’ යන චිත්‍රකතාද වනිතාවිත්ති පුවත්පතට නිර්මාණය කරන්නට අවස්ථාව ලැබිණ. එමෙන්ම ‘විෂ කන්‍යාවි’, ‘උමතු දොස්තර’, ‘සොහොනින් නැගිට ආ පෙම්වතිය’, ‘සාහසිකයෝ’, ‘මරු පිම්ම’, ‘චන්ඩි කෙල්ලෝ’වැනි ජනප්‍රිය වූ චිත්‍රකතා රාශියක් ද ‘ලංකාදීප’ පත්‍රයට සපයා ඇත. ටයිම්ස් ආයතනයේ ‘රසවාහිනී‘ මාසික සඟරාවටද චිත්‍රකතා නිර්මාණය කර ඇත.

ටයිම්ස් ආයතනයේ සේවයට පැමිණීමට පෙර 1948 කාල වනවානුවේදී ලංකා ගුවන් විදුලියේ ළමා පිටියට ගී ගැයීමෙන් සුසිල් ප්‍රේමරත්නයන් සංගීත දිවිය ආරම්භ කර තිබේ. හිස්මාස්ටර්ස් වොයිස් ග්‍රැමපෝන් තැටියට වී. පී. ලීලාවතී සමග ඔහු ගැයූ වීණා ශිල්පදාරී, ශ්‍රී රදනා මනහාරී ධාරී, සුන්දර පොහොය දිනේ වැනි ගීත ලියා දී ඇත්තේ සිය පියතුමාණන් වූ ‘සාර්ලිස් මාස්ටර්’ විසින් බවද ඉතිහාස ගතව ඇත. ‘රන්වන් කරලින් පැසිලා’, ‘කලු කැළණි නදී’, ‘රූ රැසේ අදිනා ලෙසේ’ වැනි ජනප්‍රිය ගීත රාශියක් ගායනා කර ඇති එතුමා විසින් ගායනා කල ආදර ගීතද එකල බෙහෙවින් ජනප්‍රිය වී ඇත. ’පෙම් කුසුමී’, ’මා සොඳුරු සුරතලියේ’, ‘මා ආ මාවත, සඳළු තලේ සිට’, ‘මල් රේණු වැටිලා’ ‘කෝ අද මැණිකා කොහෙද ගියේ’ මෙන්ම ‘සොම්නස හෝ සන්තාපය හමුවේ සිහිවේ සිහිවේ අම්මා’ යන ගීතය රචනාකර ඇත්තේ ඩී. බී ධනපාලයන්ගේ ඉල්ලීමකට අනුව බවද කියවේ. එම ගීත අදටත් බෙහෙවින් ජනප්‍රියය.

චිත්‍රපට ගීත ගායනයට පිවිස ඇත්තේ 1952 වසරේදී බී.ඒ. ඉබ්. ජයමාන්නයන්ගේ ‘සැගවුණු පිළීතුර’ චිත්‍රපටියේ ‘ පෙම්ලොf්ක ජාජිණී සහ මනහර ගීත ගයාලි තමයි මුල්ම ගීත දෙක්ත මේකත් ගායනාකරල තියෙන්නේ අපගේ ආදරයදිණූ ගායාවක් වූ රුක්මණී දේව් සමග වීමත් සුවිශේෂියි.

සුසිල් ප්‍රේමරත්නයන් විවාහ දිවියට අතුලත් වන්නේ 1953 වසරේදී. සුසිල් ප්‍රේමරත්නයන්ගේ අත්ගත් ඇය විමලා නම්විය. සිය කලා දිවියේ විශාලම ශක්තිය වූවේ ඇය බව නිතරම සුසිල් මාස්ටර් පවසා ඇත. සුන්දර පවුල් ජීවිතයක් ගත කල ඔහුගේ සොඳුරු නිවහනේ සිය පුතුන් ත්‍රරත්නයන් තිදෙනකුගේ ආදරය ලද ඔහුගේ වැබ්මහල් පුත් ජයවන්ත් හොංකොං ස්ටෑන්ඩර්ඩ් නිවුස් ටෙප්පර්ස් ආයතනයේ මාධ්‍යවේදියෙක්. නයනජිත් ප්‍රේමරත්නදැන්වීම් ප්‍රචාරක ආයතනයක චිත්‍ර ශිල්පියෙක්. fාිම පුතා මනෝජ්ඒෂියා වීක් ස‘ගරාවෙ චිත්‍ර අධ්‍යක්ෂවරයෙක් විදියට කටයුතු කිරීම දෙමfාාපියන්ට මොනතරම් ආඩම්බරයක්ද.
ටයිම්ස් ආයතනයේ ‘ලංකාදීප’ පත්‍රයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු ‘සිත්තර’ චිත්‍රකතා පත්‍රයට‘අනුලා’ ‘ජූඩි’ සහ සත්සිරි පත්‍රයට ‘ෂැරොන්’, මගෙ රන් මැණික වැනි චිත්‍රකතා රාශියක් ඔහු ඇඳ ඇත. පොත් පිටකවර නිර්මාණයටද විශාල ප්‍රසිද්ධියක් ඉසිලූ සුසිල් මාස්ටර් අතින් දිවයිනේ ප්‍රකට ලේඛකයන් රැසකගේ පොත් සදහා පිට කවර නිර්මාණය වී ඇත.

සුසිල් ප්‍රේමරත්නයන් ගේ චිත්‍රකතා පොත් ලෙස 1960 දී ‘රන් දූපත’ නිකුත්වූ අතර ‘බිලි පූජාව’, ‘ලන්දේසි හටන’, ‘මා හේනේ රීරි යකා’, ‘සොහොනින් නැගිට ආ පෙම්වතිය’, ‘උමතු දොස්තර’, ‘විෂ කන්‍යාවි’, ‘සාහසිකයෝ’, ‘මරු පිම්ම’ වැනි චිත්‍ර කතා පොත් එකල චිත්‍රකතා ලෝලී පාඨකයන් ගේ සිත් දිනාගන්නට සමත්විය.

2002 වසරේදී කලා භූෂණ සම්මානයෙන් ද පිදුම් ලබමින්, දිගු කලක් ගායනයෙන්ද, තෙළිතුඩෙන්ද සිරිලක ජනතාවගේ ආදරය දිනා සිටි සුසිල් ප්‍රේමරත්න ශූරීන් වයස අවුරුදු 85 දී, 2010 පෙබරවාරි මස 02 දා අප අතරින් සදහටම වෙන්ව ගියද එතුමා අපට දායද කර ගිය නිර්මාණ සදාකාලිකවම අප අතර පවතිනු ඇත. එතුමාගේ මෙහෙවර ‘ලංකාකොමික්ස්’ අප සදා අගයමු.

-එල්බියස්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: